සුළඟ ගිණි අරන් - මරණය පිළිබඳ අසම්පූර්ණ කියවීමක්!

විමුක්ති ජයසුන්දර සිනමාකරුවා සිය පස්වන සිනමා කෘතිය ලෙස නිර්මාණය කළ ‘සුළඟ ගිණි අරන්‘ කෘතිය පසුගිය දිනවල සීමිත දර්ශන වාර සංඛ්‍යාවක් සඳහා සිනමාහල්වලට නිකුත් විය. ඔහු කෘතීන් පහක් නිර්මාණය කර ඇතත් ලංකාවේ පේ‍්‍රක්ෂකයන් තවමත් දැක ඇත්තේ චිත‍්‍රපට දෙකක් පමණි. ඒ ඔහුගේ පළමු කෘතිය වන ‘සුළඟ එනු පිණිස‘ සහ මෙය පමණි. ‘සුළඟ ගිණි අරන්‘ නැරඹිය හැකි වුයේද ඉතා සීමිත පිරිසකටය. එය සිනමාහල්වලට නිකුත් වූයේ අනෙකුත් ඒවා අතර මැද ඇති දර්ශනවාර කිහිපයක් සඳහා පමණි. එසේ නැතිනම් මෙය නැරඹීමට තවත් වසර ගණනාවක් බලා සිටීමට අපට සිදුවනු ඇත. මේ ආකාරයට චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කරන විට එය නැරඹිය හැකි වන්නේ ඉතා සීමිත පිරිසකට පමණි. ලංකාවේ සිනමාවේ මෙම අර්බුදය වෙනම කතා කළ යුතුය. කෙසේ වෙතත් අපි දැන් විමුක්තිගේ ‘සුළඟ ගිණි අරන්‘ වෙත හැරෙමු. ‘සුළඟ ගිණි අරන්‘ චිත‍්‍රපටයේ ප‍්‍රධාන තේමාව මරණයයි. චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිත දෙක වෛද්‍යවරයෙකු සහ බෞද්ධ භික්ෂුවකි. වෛද්‍යවරයා සාමාන්‍ය වෛද්‍ය වෘත්තීය ආචාරධර්ම කඩ කරන වකුගඩු ජාවාරමකට සම්බන්ධ අයෙකි. ඔහු දුප්පතුන් ආර්ථික හේතු මත විකුණන වකුගඩු අතරමැදියෙක් හරහා ලබාගෙන විශාල ලාභයක් තබාගෙන මුදල් ගෙවන රෝගී...