තවමත් ඔබ අපේ සහෝදරයෙක්ද?

සහෝදරයා, වීදියේ සිටින විට ඔබ කීවේ විප්ලවය ගැනයි මුඩුක්කුවේ ගෙවල්වලට යන විට ඔබ කීවේ විමුක්තිය ගැනයි ජනතාව අතර ඔබ සිටින විට දියේ සිටි මාළුවෙක් වගෙයි මාක්ස් ලෙනින් මා ඕ ගැන ඔබ කතා කළා මතකයි සමාජවාදය කොමියුනිස්ට්වාදය ඔබේ වචන අතර තිබුණා ඒත් දැන් ඔබ පාර්ලිමේන්තුවේ අසුනක වීදියේ උන් කියන කිසිවක් ඔබට දැන් නෑසෙයි ඔබ ඔබේ දිව්‍යමය මැදුරේ මුඩුක්කුවල උන් ජීවතුන් අතරද? මැරිලද? බලන්න ඔබ නොපැමිණෙයි එත් සහෝදරයා මාලිගාවේ සිටින විට ජනතාව මුන නොගැසේ උන්ගේ දුක නම් නොදැනේ ඇත්තම කියනවාට තරහ ගන්නට නම් එපා ඔබ නම් එදා සිටි සහෝදරයා නොවේ අවසර දෙනවා නම් කෙලින්ම ප්‍රශ්නයට බහින්නම් සහෝදරයා තවමත් ඔබ අපේ සහෝදරයෙක්ද එහෙම නැත්නම් ඉතිරි වී තිබෙනවාද සියල්ලම සහෝදරකම හැර...? (මෙම කවිය නේපාල ජාතික ලේඛකයකු හා මාඕවාදී බුද්ධිමතෙකු වන 'ඩිල් සාරා' විසින් ලියන ලද්දකි. පරිවර්තනය- චන්දන සිරිමල්වත්ත)